hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 07, ප.ව. 1:48



ආර්ථික අර්බුදයේ බලපෑම් සහ සිවිල් නොසන්සුන්තා ඇති විය හැකි බැවින් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය නොවන සංචාරවලින් වළකින ලෙස බ්‍රිතාන්‍ය සහ නවසීලන්තය තම පුරවැසියන්ට සංචාරක උපදේශන යාවත්කාලීන කරමින් නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.

ශ‍්‍රී ලංකාව මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බවත් ඖෂධ, ගෑස්, ඉන්ධන හා ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය දැඩි හිගයක් ඇති වී තිබෙන බවත් අදාළ නිවේදනයේ සඳහන්වන බවයි වාර්තාවන්නේ.

මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ හිගය සංචාරකයන්ටද දැඩි පෑමක් එල්ල කරන බැවින් හැකිතාක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වලකින ලෙස එහි වැඩිදුරටත් සඳහන්.

ඉතා කෙටි දැනුම් දීමකින් මාර්ග බාධක පැනවීම, විරෝධතා උද්ඝෝෂණ පැවැත්වීම සිදු විය හැකි බවත් අදාළ නිවේදනයේ තවදුරටත් සඳහන් කර තිබෙනවා.