hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූලි 01, පෙ.ව. 9:14



තායිලන්තය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබූ මුතු රාජා ඇතා යළි ආපසු රැගෙන යාම සදහා රුසියානු “ඉලුෂියන්” වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය ඊයේ (30) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසුවා.

මෙම ඒ.ඉසෙඩ්.එස්.- 5701දරන ගුවන් යානය රුසියාවේ මොස්කව් නුවර සිට ඊයේ (30) රාත්‍රී 11.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මුතු රාජා ඇතා අද (01) දින මධ්‍යම රාත්‍රී 12.00 දෙහිවල සත්වෝද්‍යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ බලා පිටත් වීමට නියමිතයි.

මුතු රාජා ඇතා රැගත් මෙම රුසියානු ගුවන් යානය හෙට (02) දින අලුයම 03.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යාමට නියමිත බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: