hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූලි 03, ප.ව. 1:08



‘සක්සුරින්’ නමින් තායිලන්තයේ දී හැදින්වූ ඇත් පැටවෙකු මීට වසර 22 කට පෙර ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබුණා.

2001 වසරේ දී මෙරටට පරිත්‍යාග කළ එම ඇත් පැටවා ‘මුතුරාජා’ ලෙස මෙරටේ දී යලි නම්කර අලුත්ගම කන්දේ විහාරයේ භාරකාරීත්වය යටතට පත්කර තිබෙනවා.

එතැන් පටන් වසර 22කට ආසන්න කාලයක් ‘මුතුරාජා’ගේ භාරකාරත්වය දැරූ අලුත්ගම කන්දේ විහාර පරිශ්‍රයේ දී ඇතාට හිංසා සිදුවන් බව විටින් විට වාර්තා වුණා.

ඒ සම්බන්ධව දේශීය මෙන්ම විදේශීය සත්ව ලෝලයින්ද ත අවධානය යොමුකර තිබුණා.

දිගු කලක් පුරා සිදුවූ බලපෑම හේතුවෙන් ඊයේ (02) අලුයම ‘මුතු රාජා’ හෙවත් ‘සක්සුරින්’ යළිත් සිය උපන් බිම වූ තායිලන්තය වෙත රැගෙන ගියා.

ඒ රුසියානු විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින්.

ඇතා ගුවන් මගින් රැගෙන යාමට රුසියාවේ ඉලුෂියන් – 76 වර්ගයේ, ඇංජින් 04 කින් බල ගැන්වෙන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් පසුගිය 30 වැනිදා රාත්‍රී 11.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

විශේෂයෙන් සකස් කරන ලද කූඩුවක බහා ‘මුතුරාජා’ ඊයේ අලුයම 03.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත ඉතා පරිස්සමෙන් රැගෙන යමාට පියවර ගෙන තිබූ අතර අලුයම 04.30 ට පමණ මෙම ඇතා ගුවන් යානය වෙත පැටවීම සිදු කර තිබෙනවා.

රුසියානු Ilyushin – 76 ගුවන් යානය උදෑසන 07.40 ට පමණ කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තයේ බැංකොක් නුවර ‘ෂියන්මායි’ ගුවන් තොටුපොළ බලා පිටත්ව ගියා.

මෙම ගුවන් ගමන සදහා පැය 05 ක පමණ කාලයක් ගතව තිබෙනවා.

‘මුතුරාජා’ රැගත් ගුවන් යානය බැංකොක් වේලාවෙන් පස්වරු 2.00ට පමණ ‘ෂියන්මායි’ ගුවන් තොටුපළට ළඟා වී තිබු අතර, මුතු රාජා ගුවන් යානයෙන් ට්‍රේලර් ට්‍රක් රථයකට මාරු කිරීමට පැය 2කට ආසන්න කාලයක් ගත වී තිබූ බවයි වාර්තා වුණේ.

තවත් පැය 2කට ආසන්න කාලයක ගමනකින් පසු ‘මුතු රාජා’ ලැම්පන්ග් හි අලින් උදෙසා වෙන් කර ඇති මධ්‍යස්ථානයක් වෙත ප්‍රවාහනය කළා.

‘මුතු රාජා’ රැගත් ගුවන් යානය බැංකොක් ‘ෂියන්මායි’ වෙත ලඟාවීමෙන් පසු ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා තිබුණා.

එහිදී මාධ්‍ය විමසා සිටියේ ප්‍රතිකාර වලින් පසු 29 හැවිරිදි ‘සක්සුරින්’ යළි ශ්‍රී ලංකාව වෙත රැගෙන යනවාද යන්නයි.

ඊට පිළිතුරු දුන් තායිලන්ත ස්වභාවික සම්පත් හා පරිසර අමාත්‍යවරයා වන Varawut Silpa-archa පවසා තිබුණේ “අපි මුලින්ම මෙයාට වෛද්‍ය ප්‍රතිකාරයක් දෙන්න ඕන. ඒ නිසා ආපහු යවනවාද නැද්ද කියලා තාම පිළිතුරක් දෙන්න බැහැ. ඊට පස්සේ ඒ ගැන කතා කරමු” යනුවෙන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: