hit counter

2024 මැයි මස 21 වන අඟහරුවාදා

2023 මැයි 20, පෙ.ව. 3:32



දංකොටුව මොට මුල්ල ප්‍රදේශයේ පදිංචි නදීකා දිල්ශානි ප්‍රනාන්දු, සයිප්‍රස් සහ තුර්කියේ වසර දහයක් සේවය කළ ගෘහ සේවිකාවක්.

ඇය ඉන් උපයාගත් මුදලින් දෙමහල් නිවසක් ඉදිකිරීම අරඹන අතර ඇඟලුම් ව්‍යාපාරයක් සඳහා ද ඇය මුදල් ආයෝජනය කර තිබුණා.

නමුත් නිවසේ ඉහළ මහලේ වැඩ නිම කිරීමට තරම් ආරම්භ කළ ව්‍යාපාරයෙන් මුදල් නොලැබීම මත නදීකා පසුගිය දෙසැම්බර් තුන්වෙනිදා ගෘහ සේවය සඳහා සිංගප්පූරුවට ගොස් තිබෙනවා.

ඇය එහි රැකියාවට යොමු කරන්නේ කුරුණෑගල විදේශ රැකියා ආයතනයක් විසින්.

ඥාතීන් පවසන්නේ එම නිවසේ වැඩ බවත්, දින කෑම ආහාරයට ගැනීමට නොහැකි බවටත් සිදු කල දැනුම් දීමෙන් පසුව රැකියා ඒජන්සිය විසින් ඇය වෙනත් නිවසකට යොමු කල බවයි.

ඒ අනුව ඇය යොමු කර තිබුනේ මහල් නිවාස සංකීර්ණයක අටවෙනි මහලේ නිවසකටයි.

එම නිවසේ දින කිහිපයක් සේවය කල නදීකා ඥාතීන්ට දැනුම් දී ඇත්තේ නිවසේ හිමියා දැඩි සැර පරුෂ අයෙක් බැවින් එහි සේවය කිරීමද දුෂ්කර බවයි.

තමාට එල්ල වී ඇති මෙම පීඩනය සම්බන්ධයෙන් නදීකා සිංගප්පූරුවේ සිටින යෙහෙළියකට ද පවසා තිබුණා.

“සිකුරාදා එයා මට කිව්වා මේ තවත් මේ ගෙදර නම් ඉන්න බැහැ. මම මේ බිල්ඩිමෙන් පල්ලට පනිනවා කියලා. ගිය සතියේම මට මැසේජ් එකක් දාලා තිබුණා වොයිස් එකක්. මගේ ජීවිතේට මොනවා හරි වුණොත් ඒජන්සියේ මැඩම්ට කතා කරලා බලන්න කුමා කියලා. මම ඒත් කිව්වා ඔය වගේ වැඩ කරගන්න හිතන්න එපා. බොරු වැඩ ඕවා. ඔයා ඒජන්සියට කතා කරන්න කියලා.”

ඒ අනුව ඇය යලි ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ඥාතීන් උත්සාහ කළත් එය ප්‍රමාදව තිබුණේ විදේශ රැකියා ආයතනයේ ඉල්ලීම මතයි.

මේ කාලය තුල පසුගිය දහසය වෙනිදා උදෑසනම නදීකා සිය සැමියාට දුරකථන ඇමතුමක් ගෙන තිබුණත් ඇය වැඩි වේලාවක් එහිදී කතා කර තිබුණේ නැහැ.

කිසිඳු සරණක් නොමැති තැන නදීකා සිය යෙහෙළියට හඬපටයක්ද යොමු කරන්නේ තමාට එල්ල වන පීඩනය තවදුරටත් වැඩි වී ඇති බව පවසමින්.

“කුමා මගෙන් සද්දයක් නැති වුණොත් ඒජන්සියට කෝල් එකක් දීලා ඔයා බලන්න පොඩ්ඩක් ඈ. මං අද කරන වැඩ ඔක්කොම අවුල්. මට මිනිහා මොනවා කරයි ද දන්නෑ. චුට්ටක් ඔයා කතා කරලා බලන්න. කියන්න. මගෙන් සද්දයක් නැතුව ගියොත් එහෙම මාව පොලීසියට ගිහින් දායි ද දන්නෑ. මං ඔක්කොම අවුලෙන් වැඩ කරන්නේ අද. “

දෛනිකව දෙවතාවක් නිවසට ඇමතුම් ගන්නා නදීකාගෙන් දුරකථන ඇමතුමක් නොලැබීම හේතුවෙන් ඇයගේ සැමියා විදේශ රැකියා ඒජන්සිය අමතා කරුණු විමසා තිබෙනවා.

එහිදී ඔහුට දැනගන්නට ලැබී ඇත්තේ නදීකා තමන් සේවය කළ නිවස පිහිටි මහල් නිවාස සංකීර්ණයෙන් වැටී මියගොස් ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: