hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2023 ජූනි 28, ප.ව. 8:08



දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා බැංකු පද්ධතියට කිසිදු බලපෑමක් නොවන බවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද අවධාරණය කළා.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ,

“අද දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා කැබිනට් අනුමැතිය හිමිවීම වැදගත් කරුණක්. බැංකු පද්ධතියේ ස්ථාවරත්වය සහ ඔබ සියලුදෙනාගේ තැන්පතුවල සුරක්ෂිතභාවය මෙන්ම බැංකු පද්ධතියේ ඇති සියලුම මහජන තැන්පතුවලට මෙයින් කිසිදු බලපෑමක් සිදු වන්නේ නැහැ. මට ඒ පිළිබඳව ඔබට සහතික විය හැකියි. අර්ථසාධක අරමුදල් ආදිය පිළිබඳව ඇතැමුන්ගේ කුකුසක් පැවතුනත් මට කිව හැක්කේ ඔවුන්ගේ ශේෂයන්ට එයින් බලපෑමක් නොවන බවයි.”