hit counter

2026 ජනවාරි මස 25 වන ඉරිදා

2022 ජූනි 29, ප.ව. 6:09



මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පිළිබඳ සිය ස්ථාවරය අගමැතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත දන්වා යවා තිබෙනවා.

ඒ අනුව මහ බැංකු අධිපතිවරයා ලෙස නැවත වතාවක් නන්දලාල් වීරසිංහ මහතා පත් කරන ලෙසට නිර්දේශ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකර තිබෙනවා.

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාගේ ධුර කාලය හෙට (30) අවසන් වීමට නියමිතව තිබුණා.

මහ බැංකුවේ අධිපති ලෙස නන්දලාල් වීරසිංහ මහතා නැවත පත් කිරීමට නම් මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශය අවශ්‍ය වන අතර ඒ අනුව මුදල් අමාත්‍ය ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නන්දලාල් වීරසිංහ මහතා නැවත මහ බැංකු අධිපති ධුරයට පත් කිරීම සඳහා නිර්දේශය ලබා දී තිබෙනවා.