hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 ජූලි 31, ප.ව. 2:25



ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩංගු කරුණු අනුව ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය ශ්‍රී ලංකා මාතා ගීතයයි.

ජාතික ගීයෙහි පද මාලාව සහ සංගීතය එහි තුන්වන එහෙත් තුන් වන උපලේඛනය හි දක්වා ඇත.

ඒ අනුව ප්‍රසිද්ධ වේදිකාවක ජන සමූහයක් ඉදිරියේ ජාතික ගීය විකෘති කිරීම යනු දැඩි දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස නීති විශාරදයෝ පවසයි.

ජාතික ගීය යනු රටේ නීතියක්.

එහි සිංහල හා දෙමළ පද මාලාව සහ සංගීතය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ උත්තරීතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් නිශ්චිතව දක්වා ඇත. ( 7 වන ව්‍යවස්ථාව සහ 3 වන උපලේඛණය)

තවද ජාතික ගීය පිළිබඳව පිළිපැදිය යුතු රීතීන් ගණනානක් පනවා ඇත.

මේ සම්බන්ධව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා ප්‍රකාශ කළේ මෙවන් අදහසක්.

“රටක අනන්‍යතාව මතු කරන ප්‍රධාන කාරණා 3ක් තිබෙනවා. එනම්, රටේ නම, ජාතික ගීය සහ ජාතික කොඩියයි. ආනන්ද සමරකෝන් බොහොම අමාරුවෙන් මෙහි සංගීතය, පදරචනය කළේ. ඒ වගේම ඉන්දියාවේ මහා ගාන්ධර්ව රවීන්ද්‍රනාත් තාගෝර් මෙය පෝෂණය කර දුන්නා. පළමුවෙනි විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට මෙය නීතියක් ලෙස ඇතුළත් කරනවා. මෙය නීතියක් විතරක් නොවෙයි මූලික මිනිස් අයිතිවාසිකමක්. එහි ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා ශ්‍රී ලංකා ජාතික ගීය “ශ්‍රී ලංකා මාතා…” ලෙස. ජාතික ගීයේ පදමාලාව සහ සංගීතය තුන්වන උප ලේඛනයේ ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා. ඒ නිසා මෙහි අකුරක් හෝ වෙනස් කරනවා නම්, කොමාවක් හෝ වෙනස් කරනවා නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයක් සහ 83 වන ව්‍යවස්ථාව අනුව ජනමත විචාරණයක් තියන්න ඕනෑ. ඒක තමයි නීතිය. ජාතික ගීය රැප් කරනවා නම් කරන්න ඕනේ 78 ව්‍යවස්ථාවට අනුවයි. තැන් තැන්වල ජාතික ගීය වෙනස් කර ගායනා කරනවා නම් එය රට හෑල්ලු කිරීමක්.” යැයි පැවසුවා.