hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2026 ජූලි 07, පෙ.ව. 10:34



මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවු ගැටුමින් තුවාල ලබා ප්‍රතිකාර ලබන බන්ධනාගාර නිලධාරීන්ගේ සුවදුක් විමසීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය,නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ඊයේ (06) පස්වරුවේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ගොස් තිබුණි. 

රෝහල වෙත පැමිණි අමාත්‍යවරයා, තුවාල ලබා සිටින නිලධාරීන්ට සිදුකරන ප්‍රතිකාර සහ අවශ්‍ය පහසුකම් සම්බන්ධයෙන් වෛද්‍යවරුන් සහ රෝහලේ කාර්ය මණ්ඩලය සමඟ එහිදී සාකච්ඡා කර ඇත.

මීගමුව බන්ධනාගාරය තුළ ඇති වු ගැටුමෙන් තුවාල ලැබු බන්ධනාගාර නිලධාරීන් 23 දෙනෙකු මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ සහ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, රැඳවියන් 54 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: