hit counter

2026 ජූලි මස 06 වන සඳුදා

2026 ජූලි 06, ප.ව. 1:02



මීගමුව බන්ධනාගාරය තුළ අද (06) දින යළිත් ඇති වූ තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු පුද්ගලයන් 25 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසනවා.

බන්ධනාගාරය තුළ හටගත් මෙම නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කිරීමේදී සහ දෙපාර්ශවය අතර ඇති වූ ගැටුම් හේතුවෙන් තවත් පුද්ගලයන් 100 කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.

මෙම උණුසුම්කාරී තත්වය ඊයේ (05) දින පෙරවරුවේ පටන් ආරම්භව තිබූ අතර එය සවස්වරුවේදී පාලනය කරමින් තිබූ තත්ත්වයක් මත අද (06) මෙම තත්වය ඇති විණි.

බන්ධනාගාර රැඳවියන් පිරිසක් අද (06) උදෑසන සංවිධානාත්මක කළ මෙම ගැටුම හේතුවෙන් තත්ත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශ විසින් අහසට වෙඩි තැබීමක් ද සිදු කළා.

බන්ධනාගාරයේ කාන්තා සහ පිරිමි රැදවියන් පිරිසක් ඊයේ (05) එහි වහල මත නැග විරෝධතාවකද නිරත වූ අතර එහි සිවිලිම කඩාවැටීමෙන් ඇදවැටුණු රැඳවියන් සිව්දෙනෙකුද තුවාල ලබා රෝහල්ගත කර තිබුණා.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සී. ගජනායක සඳහන් කළේ.

සැකකරුවන් සහ රිමාන්ඩ් සැකකරුවන් 1,800කට අධික පිරිසක් මෙම බන්ධනාගාරයේ රඳවා සිටින බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: