hit counter

2026 ජූලි මස 05 වන ඉරිදා

2026 ජූලි 05, ප.ව. 7:56



අද (05) මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර හටගත් ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු මරණයට පත්ව ඇත.

මෙම ගැටුමෙන් තුවාල ලැබූ බන්ධනාගාර රැඳවියන් 30 දෙනෙකු මීගමුව රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් 10 දෙනෙකුට ශල්‍යකර්ම සිදුකර ඇත.

තුවාල ලැබු බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා ඇත.

පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා මේ වනවිට මීගමුව බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

කෙසේ වෙතත් මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර හටගත් ගැටුමෙන් තවත් රැඳවියෙක් මියගොස් ඇති බව වාර්තා වේ.