hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූනි 15, ප.ව. 2:23



ගාලු පාර, හොරණ කොළඹ ප්‍රධාන මාර්ගය සහ හයිලෙවල් මාර්ගය සම්බන්ධ කරමින් නව ලංගම බස් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ලංකා ගමනාගමන මණ්ඩලයේ මොරටුව සහ රත්මලාන ඩිපෝ මගින් ගාලු පාර, හොරණ කොළඹ ප්‍රධාන මාර්ගය සහ හයිලෙවල් මාර්ග සම්බන්ධ කරමින්, කොළඹට ඇතුළු වන මගී ජනතාවගේ පහසුව උදෙසා, රත්මලාන දුම්රිය පොල සිට මහරගම දක්වා සහ ගල්කිස්ස, බොරුපන, වේරහැර, කොට්ටාව මාර්ගයේ නව බස් රථ සේවාව ක්‍රියාත්මකයි.

කටුබැද්ද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවා ආයතන පරිශ්‍රයේදී බස්රථ ධාවනයට එක් කිරීම ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතින් සිදු කෙරුණා.

කොළඹට ඇතුළු වීම සහ පිටවීම උදෙසා දෛනිකව විශාල මගීන් ප්‍රමාණයක් භාවිතා කරන මෙම මාර්ග සඳහා නව බස් රථ සේවාව ආරම්භ වීමත් සමග විශාල පිරිසකගේ ප්‍රවාහන ගැටළු සඳහා විසඳුම් සැලසෙන බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළා.