hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 මාර්තු 29, පෙ.ව. 10:49



යෝජිත හම්බන්තොට නව පිරිපහදුව ඉදි කිරීම සඳහා සමාගම් 7ක් අභිලාෂය පළ කිරීමේ යෝජනා ඉදිරිපත් කර ඇති බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ට්විටර් පණිවිඩියක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඊයේ (27) දිනය යෝජනා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය වන බව ත් එදින මෙම සමාගම් 7 අභිලාෂය පළ කිරිමේ යෝජනා ඉදිරිපත් කර ඇති බව ත් කංචන විජේසේකරගේ ට්විටර් පණිවිඩය දැක්වෙනවා.

තාක්ෂණික ඇගයීම් කමිටුව සහ අනෙකුත් ප්‍රසම්පාදන කමිටු විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ඇගයීමට ලක් කර සුදුසු අයැදුම්කරුවන්ට බලපත්‍ර නිකුත් කරනු ඇති බව ද අමාත්‍යවරයාගේ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

එලෙස යෝජනා ඉදිරිපත් කළ සමාගම් 7 පහතින්,