hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 මාර්තු 31, ප.ව. 1:26



මෙවර සිංහල අලුත් අවුරුද්ද අප්‍රේල් මස 13 සහ 14 යන දින වල යෙදී තිබෙනවා.

මේ සිංහල අලුත් අවුරුද්දේ සිරිතට විරිතටයි මුල්තැන දී චාරිත්‍ර වාරිත්‍ර ඉෂ්ඨ කිරීම යහපත් වෙනවා.

සිංහල අලුත් අවුරුද්දේ නැකැත් වේලාවන් මෙසේයි.

පරණ අවුරුද්ද සඳහා ස්නානය : අප්‍රේල් මස 12 වෙනි බදාදා, කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය කිරීම මැනවි.

අලුත් අවුරුදු උදාව : අප්‍රේල් මස 14 වෙනි සිකුරාදා අපර භාග 2.59ට සිංහල අලුත් අවුරුද්ද උදා වේ.

පුණ්‍ය කාලය : අප්‍රේල් මස 14 වෙනි සිකුරාදා පූර්ව භාග 8.35 සිට එදින අපර භාග 9.23 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 වෙනි සිකුරාදා පූර්වභාග 8.35ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදීම මැනවි.

ආහාර පිසීම : අප්‍රේල් මස 14වෙනි සිකුරාදා අපර භාග 3.29ට විචිත්‍ර වර්ණ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා දිය කිරි මිශ්‍ර කිරිබතක් ද තල සහ විලද මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කර ගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය : අප්‍රේල් මස 14 වෙනි සිකුරාදා අපර භාග 05.05ට විචිත්‍ර වර්ණ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

හිස තෙල් ගෑම : අප්‍රේල් මස 16 වෙනි ඉරිදා පූර්වභාග 9.41ට රතු සහ කහ මිශ්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත් ද පයට නුගපත් ද තබා දිඹුල්පත් යුෂ මිශ්‍ර නානුද තෙල්ද ගා ස්නානය කිරීම මැනවි.

රැකී රක්ෂා සඳහා පිටත්ව යාම : අප්‍රේල් මස 17ත් වෙනි සදුදා පූර්ව භාග 6.28ට ශ්වේත වර්ණ හෙවත් සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දියකිරි මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යෑම මැනවි.