hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2024 මාර්තු 06, ප.ව. 12:12



මෙවර අලුත් අවුරුදු නැකැත් සකස් කිරීමේදී බරපතල වරදක් සිදුව ඇති බව ජාතික ජ්‍යෝතීර්වේදීන්ගේ සංවිධානය ප්‍රකාශ කළා.

කොළඹ ඊයේ (05) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි සාමාජික පාරම්පරික ශාස්ත්‍රඥ රෝෂාන් චානක තිසේරා කියා සිටියේ රාජ්‍ය නැකැත් කමිටුවෙන් මෙවර ලිප ගිනි මෙළවීම සඳහා දී ඇති නැකතෙහි ගැටලු සහගත තත්වයක් පවතින බවයි.

මේ තුළ කුමන්ත්‍රණයක් පවතින බවද ඔහු සඳහන් කළා.

එසේම අවුරුදු නැකත් රාත්‍රි කාලයට යොදාගැනීම තුළින් එම නැකැත් පිළිබඳ දරුවන්ට අවබෝධයක් ලබාදිය නොහැකි තත්වයක් උද්ගතවන බවයි ජාතික ජ්‍යෝතීර්වේදීන්ගේ සංවිධානයේ සාමාජික පාරම්පරික ශාස්ත්‍රඥ රෝෂාන් චානක තිසේරා වැඩිදුරටත් කියා සිටියේ.