hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2022 මැයි 02, ප.ව. 8:39



අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ආණ්ඩුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අතර අද (02) කොටුව ජනාධිපති නිල නිවසේදී පවත්වා තිබෙනවා.

එහිදී ජාතික ආණ්ඩු සංකල්පයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එකඟතාවය ද පළකර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවති එම සාකච්ඡාව සඳහා ආණ්ඩුවෙන් ස්වාධීන පක්ෂ නියෝජනය කරමින් නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ ටිරාන් අලස් යන මහත්වරුන් සහභාගී වී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මහාචාර්ය ජී.එල්.පීරිස්, සාගර කාරියවසම්, සංජීව එදිරිමාන්න, බැසිල් රාජපක්ෂ සහ රමේෂ් පතිරණ යන මහත්වරුන් සහභාගී වී තිබෙනවා.

එම සාකච්ජාවෙන් පසු පිටතට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“ජනාධිපතිතුමාගේ සහභාගීත්වය සහිතව පොදුජන පෙරමුණ සමග අපි විසින් ඉරිපත් කරන ලද අන්තර්කාලීන පොදු එකගතාවයකින් වූ රජයක් පිහිටුවීම පිළිබඳව සාකච්ඡා පැවැත්වූවා. අපි විසින් ඉරිපත් කරන ලද ඒ ලියවිල්ලේ සදහන් කරුණු පිළිබඳව පොදුජන පෙරමුණ එකගතාවය දැක්වූවා. නමුත් මේ රජය පිහිටුවීමේදී අප දෙපාර්ශවය පමණක් නොව අනිකුත් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සහභාගී කරවාගෙන සියලුදෙනාම සාමූහික ප්‍රයත්නයක් දැරිය යුතු බව අපි තීරණය කලා.”