hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2025 මැයි 05, පෙ.ව. 12:29



උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල, ආරුක්කු 9 පාලමේ ජල කාන්දුවක් පවතින බවයි වාර්තා වන අතර අධික වර්ෂාව පවතින දිනවල දී එම ජල කාන්දුව දැක ගැනීමට හැකි සඳහන්.

ඇල්ල සහ දෙමෝදර දුම්රිය ස්ථාන අතර 1921 වසරේ දී මෙම ආරුක්කු 9 පාලම ඉදිකර ඇත.

මේ වන විට එය දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනයට ලක්වූ ස්ථානයක් වන අතර අධික වර්ෂාව පැවති පසුගිය දින කිහිපය තුළ පාලමේ එක් ස්ථානයකින් ජල කාන්දුවක් නිරීක්ෂණය වූ බව එහි ස්වේච්ඡා ආරක්ෂකයෙකු ලෙස කටයුතු කරන ඩබ්ලිව්. එම් සුමනසේන මහතා පවසනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: