hit counter

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:22



ශ්‍රී ලංකාව මේ වන විට විශාල ආර්තික අර්බුදයකින් පීඩාවට පත්වෙන්න ප්‍රධානතම හේතුවක් තමයි 2021 වර්ශයේ මෙරරට ව්‍යාප්ත වුණු කොවිඩ් 19. අද දිනය පුරාම යළිත මාධ්‍ය කැළඹුණු කතා බහට ලක්වුණු කාරණයක් තමයි නීපා වෛරසය.

මොකක්ද මේ නීපා වෛරය CDC වෙබ් අඩවිය දක්වන ආකාරයට මෙම වෛරසය 1999 දී මැලේසියාවේ සහ සිංගප්පූරුවේ ඌරන් සහ මිනිසුන් තුළ පැතිර ගිය රෝගයකින් පසුව Nipah වෛරසය (NiV) මුලින්ම සොයා ගෙන තිබෙනවා.

Nipah යනු මිනිසුන්ට උණ, වමනය සහ ශ්වසන ආසාදන ඇති කළ හැකි දුර්ලභ නමුත් බරපතල වවුලන්ගෙන් බෝවන වෛරසයක්. මෙය උත්සන්න වීමෙන් කෝමා තත්වයක් දක්වා යා හැකි බවයි වාර්තා වන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වන ආකාරයට වෛරසයේ මරණ අනුපාතය 40-75% අතර වනවා . එයට දන්නා එන්නතක් නොමැති අතර සාමාන්‍ය ප්‍රතිකාරය වන්නේ ආධාරක ප්‍රතිකාර ලබා දීමයි.

මෙය ව්‍යාප්ත වීමෙන් මිනිස් රෝගීන් 300 කට ආසන්න සංඛ්‍යාවක් සහ මරණ 100 කට වඩා වැඩි ප්‍රමාණයක් ඇති වූ අතර, වසංගතය පාලනය කිරීමට ඌරන් මිලියන 1 කට වඩා මරා දැමීමට මුල් කාලයේ සිදුව තිබෙනවා.

ඉතාම වේගයෙන් මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වන “නීපා” වෛරසය මේ වනවිට ඉන්දියාව, බංගලාදේශය, සිංගප්පූරුව සහ පිලිපීනය යන රටවලටත් ව්‍යාප්ත වෙලා තියනවා.

මෙම වෛරසයේ රෝග ලක්ෂණ ලෙස තද උණ, වමනය, ස්වසන ආසාදන යන රෝගී තත්ත්වය උත්සන්න වුවහොත් මොළයේ ඉදිමීමක් තෙක් එය වර්ධනය විය හැකි බවද වෛද්‍යවරු අනතුරු අගවනවා.

මෙම වෛරසය වවුලන්ගෙන් සහ ඌරන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වී ඉන්පසු මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වන වෛරසයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවමින් සදහන් කර තිබේ.

“නීපා” වෛරසයේ ආසාදිතයින් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වු අතර මෙම වෛරසය පළමුව හඳුනා ගැණුනේ 1998 වසරේ මැලේසියාවේ ඌරු ගොවිපොලකින්. මෙම පුවත සමග ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ කුමක්ද..

අපි මේවන විට ණය අර්බුදයකින් පීඩාවට පත් වෙලා ඉන්න රටක්. නැවත මෙරට තුළ වෛරසයක් ව්‍යාප්ත වීම නැවත මෙරට ඉතාමතම දරුණු ලෙස කඩා වැටිමට ලක් වෙන්න පුලුවන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: