hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2025 ජූනි 13, පෙ.ව. 12:10



ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය මහේෂක ජයවර්ධන මහතා විසින් චිකන්ගුන්යා සහ ඩෙංගු එකවර සෑදීමේ ප්‍රවණතාවයක්ද පවතින බවට ප්‍රකාශ කරයි.

ඔහු විසින් මේ බව සඳහන් කළේ ඊයේ දින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ මෙය මාරාන්තික රෝගයක් නොවන බවයි.

එසේ වුවත් කුඩා ළමයින් සහ වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන්ට මේ නිසා සංකූලතා ඇති වීමේ අවධානමක් පවතින බව ඔහු පවසයි.

ඒ අනුව මෙම අවස්ථාවේදී විශේෂඥ වෛද්‍යවරයා විසින් දෙමාපියන්ගෙන් ඉල්ලීමක් ද කර ඇත.

ඒ තම දරුවන්ට උණ තිබේ නම් ඔවුන් පාසල් නොයවන ලෙසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: