2022 අප්‍රේල් 26, පෙ.ව. 9:23
මන්නාරම පේසාලෙයි පොලිස් වසමේ මුහුදු මාර්ගයෙන් නීති විරෝධීව ඉන්දියාවට ගමන් කිරීමට උත්සහ ගත් පුද්ගලයින් 07 දෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගත් බවට පොලීසිය පවසයි.
පේසාලෙයි ප්‍රදේශයේ පුද්ගලයින් පිරිසක් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට යාමට උත්සහ ගන්නා බවට පේසාලෙයි පොලීසියට ලැබුනු තොරතුරකට අනුව අදාල පිරිස මුහුදු මාර්ගයෙන් යාත්‍රාවක් උපයෝගි කොටගෙන ගමන් කිරීම සඳහා යමින් සිටියදීයි මෙලෙස පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
එකම පවුලේ වැඩිහිටියන් තිදෙනෙකු සහ ළමුන් සිව්දෙනෙකු අයත් වූ මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඊයේ (23) දිනම මන්නාරම් අධිකරණය වෙතට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණා.
එහිදී මන්නාරම් මහෙස්ත්‍රාත් ඒ.එච්.හයිපතුල්ලා මහතා විසින් අදාල පිරිසෙන් වැඩිහිටියන් තිදෙනාට රුපියල් 50,000 ක ශරීර ඇප තුනක් මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා.
පසුගිය මාසයක පමණ කාලය තුලදී උතුරු මුහුදු මාර්ගයන් ඔස්සේ ඉන්දියාවට පුද්ගලයින් 60 කට අධික ප්‍රමාණයක් පලා ගොස් තිබෙනවා.
පලා ගිය පිරිස් විසින් ඉන්දීය ආරක්ෂක අංශ වෙතට භාර වීමෙන් අනතුරුව එම පිරිස් විසින් ආරක්ෂක අංශ වෙතට ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික ගැටලු හේතුවෙන් තමන්ට ජීවත්වීමට අපහසු වීම නිසා මෙලෙස ඉන්දියාවට පැමිණි බවට පවසා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබෙනවා.
2026 අගෝස්‍තු 03, ප.ව. 2:44
2026 අගෝස්‍තු 03, ප.ව. 1:37
2026 අගෝස්‍තු 03, ප.ව. 1:26
2026 අගෝස්‍තු 03, පෙ.ව. 10:47
2026 අගෝස්‍තු 03, පෙ.ව. 9:31