hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2023 ජූලි 24, ප.ව. 2:08



ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය ලබන 31 වනදා සිට වසා දමන බව නිවේදනය කර තිබෙනවා.

ඉන්පසු ශ්‍රී ලංකාව සහ මාලදිවයින සමඟ ද්විපාර්ශවික සබඳතා සඳහා කටයුතු කරනු ලබන්නේ ඉන්දියාවේ නවදිල්ලි නුවර නෝර්වේ තානාපති කාර්යාලය බව වැඩිදුරටත් නිවේදනය කරනවා.

එමෙන්ම අදාළ කටයුතු සම්බන්ධ තොරතුරු දැන ගැනීම සඳහා @norwayinindia ට්විටර් ගිණුම සමග එක්වන ලෙස ද තානාපතිනිය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.