hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 28, පෙ.ව. 10:47



න්‍යෂ්ටික බලශක්තිය භාවිත කරමින් විදුලිය ජනනය කිරීමට කරුණු අධ්‍යයනය කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් හා ක්‍රියාකාරී කණ්ඩායම් 9ක් පත්කළ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළා.

එම කණ්ඩායම් විසින් සකස් කර ඇති ස්වයං ඇගයීම් වාර්තාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරමාණු බලශක්ති නියෝජිතායතනය මගින් ලබාදී ඇති නිර්දේශ අනුව න්‍යෂ්ටික බලයෙන් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතිය ඉදිරියට කර ගෙන යෑමට ශ්‍රී ලංකාවට හැකියාව පවතින බව ද අමාත්‍යවරයා පැවසුවා.

ඒ අනුව ඉදිරි පියවර ගැනීම සඳහා න්‍යෂ්ටික හානි සඳහා සිවිල් වගකීම් පිළිබඳ වියානා සම්මුතියේ සහ න්‍යෂ්ටික හානි සඳහා පරිපූරක වන්දි සම්මුතියේ පාර්ශවකරුවෙකු වීම වඩා යෝග්‍ය බවට හඳුනාගෙන ඇතැයි ද අමාත්‍යවරයා පැවසුවා.

එකී සම්මුතීන්ගේ පාර්ශවකරුවෙකු වීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයා හා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.