hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 අප්‍රේල් 25, පෙ.ව. 9:50



මැයි මස 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහල් 4කට වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම සීමා කර තිබෙනවා.

නුවරඑළිය ප්‍රදේශයේ සිදු කෙරෙමින් පවතින අවිධිමත් සංවර්ධනය හේතුවෙන් නුවරඑළිය නගරයේ සුන්දරත්වය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින අතර එමඟින් සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් සිදුව තිබෙනවා.

එබැවින්, එම ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ වර්ධනයට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කෙරෙන පරිදි සවිස්තරාත්මක සංචාරක සංවර්ධන ප්‍රධාන සැලැස්මක් සකස් කිරීමේ අවශ්‍යතාව පැන නැඟී ඇතැයි රජය පෙන්වා දෙනවා.

ඒ අනුව, අදාළ සියලුම පාර්ශ්වයන් සම්බන්ධ කර ගනිමින් ජනාධිපති කාර්යාලයේ සම්බන්ධීකරණය යටතේ නුවරඑළිය සංචාරක සංවර්ධන ප්‍රධාන සැලැස්ම සකස් කිරීමටත්, නව ගොඩනැඟිලි ඉදි කිරීම නියාමනය කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කාර්යසාධක බලකායක් පත් කිරීමටත්, ලබන මැයි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහල් 4කට වැඩි නව ගොඩනැඟිලි ඉදි කිරීම සීමා කරමින් නාගරික සංවර්ධන අධිකාරිය පනතේ විධිවිධාන අනුව රෙගුලාසි පැනවීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබෙනවා.