hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 04, පෙ.ව. 5:52



සියලුම ඉන්ධන පිරවුම්හල්වලට අඛණ්ඩව ඉන්ධන ලැබෙන්නේ නම් සතියක පමණ කාලයකින් සියලුම පෝලිම් අවසන් කිරීමට හැකියාව ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පැවසුවා.

QR කේත ක්‍රමයට අනුව ඉන්ධන බෙදාහැරීම සාර්ථකව සිදුවුවත් ඉන්ධන පිරවුම්හල් 1200න් තවමත් ඉන්ධන ලැබෙන්නේ 800 කට පමණක් බව එම සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා කියා සිටියා.

මෙම ක්‍රමවේදය මගින් ඉන්ධන පිරවුම්හල්වල අයථා ලෙස ඉන්ධන ලබාදීමට වැටබැඳෙන බවත් මෙම ක්‍රමවේදයට අනුව සියල්ල සිදුකිරීමට පිරවුම්හල් සූදානමින් සිටියත් ඉන්ධන නොමැතිකම ගැටලුවක් වී ඇති බවත් ඔහු කියා සිටියා.

ඉන්ධන පිරවුම්හල් සියල්ලටම සමානව ඉන්ධන බෙදනු ලබන්නේ නම් ඉතාමත් ඉක්මනින් මෙම ඉන්ධන ගැටලුව යථා තත්ත්වයට පත් කරගැනීමට හැකි බව හෙතම පවසා සිටියා.

මේ අතර අද (04) සිට ලබන 7වනදා දක්වා බස්නාහිර පළාත තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කරනු ලබන පිරවුම්හල් ලැයිස්තුවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඉන්ධන පිරවුම්හල් 198කට ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන ලබාදෙන ආකාරය මෙහි දැක්වෙනවා.

එම පිරවුම්හල් ලැයිස්තුව පහතින්,