hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 මාර්තු 21, ප.ව. 12:53



මාසයකට වතාවක් සිදු කරනු ලබන ඉන්ධන මිල සංශෝධනය සුපුරුදු පරිදි ලබන අප්‍රේල් මාසයේදී සිදුකරන බවත් එහිදී ජනතාවට දැනෙන සහනයක් ලබාදීමට සූදානම් බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද(21) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

බොරතෙල් මිල අඩුවීම, රුපියල ශක්තිමත් වීමත් සමඟ ඉන්ධන මිල සූත්‍රය අනුව අප්‍රේල් මාසයේදී මිල සංශෝධනය වන විට ඉන්ධන සහනයක් ලබාදෙන බවත් ඒ සඳහා ජනාධිපතිවරයාද උපදෙස් ලබාදුන් බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක වීම අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් එය අප්‍රේල් මාසයේදී ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.