hit counter

2024 දෙසැම්‍බර් මස 05 වන බ්‍රහස්පතින්දා

2024 ජූනි 26, පෙ.ව. 12:04



කෘෂිකර්ම  හා වැවිලි  කර්මාන්ත  අමාත්‍ය  මහින්ද අමරවීර  මහතා පැවසූවේ වෙළඳපොලේ පොල්තෙල් මිල ඉහල යාම පාලනය කිරීම සඳහා ආනයනික පොල්තෙල් සඳහා වන බද්ද පහත දැමීම සඳහා කැබිනට් මණ්ඩලය වෙට්ග යෝජනාවක් ඉදිරිපත් කළ බවයි.

වර්තමාන ආනයනික පොල්තෙල් සඳහා පනවා ඇති බද්ද වනුයේ ලීටරයක් සඳහා රුපියල් 150කි.

කෙසේ වෙතත් රටේ ආනයනික පොල්තෙල් මෙට්‍රික් ටොන් 70,000ක සංචිතයක් ඇති බවත් 2023 වසරට සාපේක්ෂව මෙම ප්‍රමාණය තුන් ගුනයක ඉහල යාමක් බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

පොල් සංවර්ධන අධිකාරිය පවසන්නේ කිසිසේත්ම පොල්තෙල් හිඟයක් රට තුළ නොමැති බවත් මිල ඉහල දැමීම පොල්තෙල් මාෆියාව විසින් ගෙනයන කූඨ උපායක් බවත්ය.

එමෙන්ම අමාත්‍යවරයා වැඩිදුරටත් ඵැවසූවේ 2025 තෙක් ආනයනික පොල්තෙල් සඳහා අය කරන වෙ⁣ළෙඳ  බද්ද නැවත ඉහල දැමීමට කිසිසේත්ම රජය අපේක්ෂා නොකරන බවයි.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: