hit counter

2024 මැයි මස 10 වන සිකුරාදා

2022 ජූලි 19, පෙ.ව. 9:20



කොළඹ වරායට පැමිණ ඇති ඩීසල් නෞකා දෙකක් මේ වනවිට ඉන්ධන ගොඩබෑම අවසන් කරමින් සිටින බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්.

එසේ ම, තවත් නෞකාවකින් ගෙන ආ ඩීසල් තොගයක් ගොඩබෑමට නියමිතව ඇති බව ඔහු එහි සඳහන් කර තිබුණා.

එම ඉන්ධන තොග ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම මගින් අද (19) දිනයේ ප්‍රාදේශීය ඩිපෝ වෙත බෙදා හැරීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර, දිවයිනට පැමිණ ඇති පෙට්‍රල් නෞකාවේ අඩංගු පෙට්‍රල්, තත්ත්ව පරීක්ෂාවට භාජනය කරමින් සිටින බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, එම කටයුතු අවසන් වූ පසුව අදාළ නෞකාවේ අඩංගු පෙට්‍රල් ගොඩබෑමේ කටයුතු අද දිනයේදී ආරම්භ කෙරෙන බව යි.

මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වෙත ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ‌ ඉන්ධන බෙදාහැරීම ලබන 21 වැනිදා සිට යළි ආරම්භ කිරීමට නියමිතයි.

ඒ අනුව ලබන 21 වැනිදා සිට 26 වැනිදා දක්වා ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන බෙදාහැරෙන පිරවුම්හල් ලැයිස්තුව මේ වන විට නිකුත් කර තිබෙනවා.

එම ලැයිස්තුව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: