hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 21, පෙ.ව. 8:18



වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව ඉන්ධන නිකුත් කිරීම අද(21) සිට ආරම්භ වනවා.

QR කේතය මත පදනම්ව ඉන්ධන නිකුත් කිරීම ආරම්භ වන තෙක් සිපෙට්කෝ පිරවුම්හල්වලින් එලෙස ඉන්ධන නිකුත් කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව වාහන අංක තහඩුවේ අවසාන අංක 0,1,2 සදහන් යතුරු පැදි ඇතුළු රථ වාහන සදහා අඟහරුවාදා සහ සෙනසුරාදා දිනවලත් 3,4,5 යන අංක සඳහා අද සහ ඉරිදා යන දිනවල ඉන්ධන නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.

6,7,8,9 යන අංක සඳහා ඉන්ධන නිකුත් කිරීම සඳුදා, බදාදා සහ සිකුරාදා යන දිනවල සිදු කෙරෙනවා.

කෙසේවෙතත් මෙහිදී ඉන්ධන නිකුත් කරන්නේ සීමාවන්ට යටත්වයි. ඒ අනුව යතුරු පැදි සඳහා රුපියල් 1,500 ක්, ත්‍රී රෝද රථ සඳහා රුපියල් 2,000 ක් සහ අනෙකුත් වාහන සඳහා රුපියල් 7,000 ක උපරිමයකට යටත්ව ඉන්ධන නිකුත් කරනු ඇති.  

මේ අතර QR කේතය මත පදනම්ව ඉන්ධන නිකුත් කිරීම ජූලි 25 වනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙනවා.

එහෙත් අද සිට 24 වනදා දක්වා කොළඹ ස්ථාන කිහිපයකදී එහි නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවයි බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක ජාතික ඉන්ධන අවසරපත්‍රයට අනුව ඉන්ධන ලබාදීම සිදු කෙරෙනවා.

එම ක්‍රමවේදය ලබන 25 වනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ අනුව අද දිනයේ ජාතික ඉන්ධන අවසරපත්‍රයට අනුව ඉන්ධන ලබාදීම සිදු කිරීමට නියමිත කොළඹ පිහිටි ඉන්ධන පිරවුම්හල් පහතින්,

මේ අතර ලංකා IOC සමාගම සිය ඉන්ධන පිරවුම්හල් මගින් ඉන්ධන ලබාදීමේ ක්‍රම වේදය වෙනස් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අද (21) දිනයේදී වාහන අංක තහඩුවේ අවසන් 3, 4, 5 යන අංක වලට ඉන්ධන ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

අඟහරුවා දා සහ සෙනසුරාදා දිනවල 0, 1, 2 යන අංක වලට ඉන්ධන ලබාදෙනු ඇත.

6,7,8, 9 යන අංක වලට සදුදා, බදාදා සහ සිකුරාදා ඉන්ධන ලබාදීමට තීරණය කර තිබෙනවා.

මෙම ක්‍රමය ක්‍රියාත්මක කරන බව දන්වමින් බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි ලංකා IOC සමාගමට අයත් ඉන්ධන පිරවුම්හලක ඊයේ දිනයේ හදිසියේ දැන්වීම් පත්‍රිකාවක් අලවා තිබෙනු දක්නට ලැබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: