hit counter

2024 මැයි මස 11 වන සෙනසුරාදා

2022 ජූලි 19, ප.ව. 5:00



වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් අංකය අනුව ඉන්ධන ලබාදෙන දින සංශෝධනය කිරීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

QR කේත ක්‍රමය යටතේ ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය මෙම මස 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදී දිවයින පුරා ආරම්භ කිරිමට කටයුතු යොදා ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කරනවා. ‬

‪QR කේත ක්‍රමය යටතේ ඉන්ධන බෙදා හැරීමේ නියමු ව්‍යාපෘතිය මෙම මස 21 වැනිදා සිට 24 වැනිදා දක්වා වූ කාල සීමාව තුලදී කොළඹ දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි සිදු කෙරෙන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.‬

‪අද සවස 4.00 වන විට QR කේත ක්‍රමය යටතේ ලියාපදිංචි වී සිටින සමස්ත පිරිස මිලියන 02ක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

මේ අතර වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් අංකයට අනුව ඉන්ධන ලබාදීම සඳහා පෙර ප්‍රකාශ කරනු ලැබූ දිනයන් හි වෙනස් කම් සිදු කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කර සිටිනවා.

ඒ අනුව අවසන් අංකය අනුව ඉන්ධන නිකුත් කිරීමේ සිදුකරනු ලබන්නේ පහත දැක්වෙන පරිදිය :

0,1,2 – අඟහරුවාදා  සහ සෙනසුරාදා
3,4,5 – බ්‍රහස්පතින්දා සහ ඉරිදා  
6,7,8,9 – සඳුදා, බදාදා සහ සිකුරාදා.

මෙම ක්‍රමය මෙම මස 21 වැනිදා සිට ක්‍රියාත්මක බව අමාත්‍යවරයා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: