hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 27, පෙ.ව. 7:58



ජාතික ඉන්ධන බලපත්‍රයට අදාල QR කේතය අනුව මෙම සතියේ යතුරුපැදියකට පෙට්‍රල් ලීටර් 4 ක් ලබාදෙන බව බලශක්ති අමාත්‍ය කංචන ජයරත්න මහතා පවසනවා.

යතුරුපැදියකට පසුගිය සතියේ රුපියල් 1500 ක පෙට්‍රල් හිමිවුණා.

මෙම සතියේ ත්‍රිරෝද රථයකට ලීටර 5 ක්, වෑන් රථයකට ලීටර 20 ක්, කාර් රථයකට ලීටර 20 ක්, ලොරි රථවලට ලීටර 50 ක්, බස් රථ 40 ක් සහ සෙසු වාහනවලට ලීටර 15 ක් බැගින් ඉන්ධන නිකුත් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර බස්නාහිර පළාතේ අද (27) පෙට්‍රල් ලබාගත හැකි ස්ථාන පිළිබද දැක්වෙන ලැයිස්තුවක් නිකුත් කර තිබෙනවා.

‍ඒ අනුව අද දිනයේදී ද පිරවුම්හල් 198කදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් නිකුත් ‌කරනු ලැබෙනවා.

එම පිරවුම්හල් ලැයිස්තුව පහතින්,