hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූලි 26, පෙ.ව. 1:43



දෛනික ඉන්ධන ඉල්ලුම සපුරාලිය නොහැකි නිසා ජාතික ඉන්ධන බලපත්‍රය (QR) හඳුන්වා දුන් බවත් විදේශ විනිමය ගැටළු හේතුවෙන් ඉදිරි මාස 12 තුළ ඉන්ධන ආනයනය සීමා කිරීමට සිදුවන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් ඔහු පෙන්වා දෙන්නේ ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව කිසි දිනක සෑම ඉන්ධන පිරවුම්හලකටම දිනපතා ඉන්ධන බෙදා හැර නොමැති බවයි.

තොග අසීමිතව තිබියදී පවා එය ප්‍රායෝගිකව කළ නොහැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

වාහන අංක ක්‍රමය අවසන්

මේ අතර එළඹෙන අගෝස්තු මස 01 වනදා සිට අංක තහඩුවේ අවසාන අංකය අනුව ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදය අවසන් වන බව බලශක්ති අමාත්‍යවරයා කියා සිටියා.

එදින සිට ඉන්ධන නිකුත් කෙරෙන්නේ ජාතික ඉන්ධන බලපත්‍ර (QR) ක්‍රමවේදයට අනුව හිමිවන ඉන්ධන කෝටාවට අනුව පමණක් බව ඔහු සඳහන් කළා.

හෙට (26) සිට දිවයින පුරා CEYPETCO සහ LIOC ඉන්ධන පිරවුම්හල් කිහිපයකදී ජාතික ඉන්ධන බලපත්‍ර (QR) ක්‍රමවේදයට අනුව ඉන්ධන නිකුත් කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

බස්නාහිර පළාතේ ඊයේ (26) දින සිට ලබන 31 වන්දා දක්වා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කරනු ලබන පිරවුම්හල් ලැයිස්තුව නිකුත් කර තිබෙනවා.

එම පිරවුම්හල් ලැයිස්තුව පහතින්,

.