hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 18, පෙ.ව. 10:03



ඉන්ධන මිල අඩු වීමත් සිදු කර තිබුණද තමන්ට අවශ්‍ය ප්‍රමාණයෙන් ඉන්ධන සැපයීමක් සිදු නොවන තතත්වයක් තුළ ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඒෂියන් මිරර් වෙත පැවසුවා.

තමා අද පෙරවරුවේ අමාත්‍ය කංචන විජේසේකර මහතාටද දුරකතනයෙන් අමතා මේ පිළිබඳ දැනුම් දුන් බවයි ඔහු සඳහන් කළේ.

මේවන විට බස් 1500 පමණක් ධාවනය වන බවත් දැනට උපරිමය ධාවනය කළ හැක්කේ බස් රථ 3000ක් පමණක් බවත් පෙන්වා දෙන ඒ මහතා ඩීසල් ලබා දීමේ නිසි ක්‍රමවේදයක් නොමැතිකමෙන් බස් රථ ධාවනය අඩාල වී ඇති බවත් කියා සිටියා.

ශ්‍රීලංගම ඩිපෝ මගින් ඩීසල් ලබා දෙන බව ඇමතිවරයා පැවසුවද එය ක්‍රියාත්මක නොවන බව විජේරත්න මහතා චෝදනා කළා.

එනිසා ඉන්ධන නිසි පරිදි ලබා දීමක් සිදු කරන්නේ නම් පමණක් බස් ගාස්තු සංශෝධනයක් සිදු කළ හැකි බවයි ඔහු වැඩි දුරටත් පැවසූවේ.

අප කළ සොයා බැලීමකදීද පෙනී ගියේ මේවන විට මාර්ගවල බස් ධාවනය බස් රථ කිහිපයකට පමණක් සීමා ඇති බවත් ඇතැම් මාර්ගවල මේවන විට එක් බස් රථයක් පමණක් ධාවනය වන බවත්ය.

මේ හේතුවෙන් මගී ජනතාව දැඩි දුෂ්කරතාවයකට පත්ව තිබෙන අතර ඇතැම් බස් රථ වල මගීන් ගමන්නේ ජීවිත අවදානමද අතේ තබාගෙනයි.

බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට අනුකූලව 17 වතාවක් බස් ගාස්තු ඉහළ දමා තිබූ අතර ඉන් තුන් වතාවක් බස් ගාස්තු පහළ දමා තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: