hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 16, පෙ.ව. 10:10



ඊයේ (15) දිනට අදාළ ඉන්ධන මිල සූත්‍රයට අයත් විස්තර මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඒ අනුව මුදල් අමාත්‍යාංශය මගින් ලබාදෙන නිරීක්ෂණවලට අනුව ඉන්ධන මිල සම්බන්ධයෙන් අද තීරණය කරන බවයි ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බලශක්ති අමාත්‍යවරයා පැවසුවේ.   

හදුන්වා දී තිබෙන මිල සංශෝධනය සහ මිල සූත්‍රයත් එක්ක තවදුරටත් සහනාධාර ලබාදිය නොහැකි බවත් ඒ අනුව ඩීසල් මිල ලාභයක් නොගෙන මිල අඩුවෙන අවස්ථාවේදී එම මිල අඩුවීම ලබා දෙන බවත් ඔහු සඳහන් කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් උපදෙස් අනුව කුලී ත්‍රීරෝද රථ සදහා ලබාදෙන ඉන්ධන කෝටාවද ඉදිරි සතිය දෙක තුල වැඩි කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ලබන සතියේ සිට පෞද්ගලික බස් රථ සදහා පිරවුම්හල් හරහා යළි ඉන්ධන ලබාදීමට කටයුතු කරන බවත් මේවන විට ලංගම ඩිපෝ වලින් පුද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබාදීමේදී අක්‍රමිකතා ගණනාවක් තිබෙන බවත් අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවා.

ඉකුත් අගහරුවාදා ගෙවීම් සිදුකළ නෞකාවේ පෙට්‍රල් ගොඩබෑම ඊයේ පෙරවරුවේ සිට ආරම්භ කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: