hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූලි 29, පෙ.ව. 8:00



ඛනිජ තෙල් සංස්ථාව සිපෙට්කෝ පිරවුම් හල්වලට ලබාදෙන ඉන්ධන තොග කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කරනවා.

එහි සම ලේකම් කපිල නාඔටුන්න මහතා පැවසූවේ ඒ හේතුවෙන් ජනතාව තවදුරටත් පෝලිම්වල රැඳී සිටීමෙන් ඉන්ධන අර්බුදය උග්‍ර වී ඇති බවයි.

සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලට සතියකට වරක් හෝ දෙවරක් සුළු ඉන්ධන තොගයක් පමණක් ලැබෙන බවත් පෝලිම්වල සිටින ජනතාවට ලබාදීමට එම තොගය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් නාඔටුන්න මහතා සඳහන් කළා.

අයිඕසී ඉන්ධන පිරවුම්හල්වලට සතියකට අවම වශයෙන් ඉන්ධන තොග හතරක් පමණ ලැබෙන බව කී නාඔටුන්න මහතා රටපුරා ඇති සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් 1200 ක් සහ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මෙම තත්ත්වයෙන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් කියා සිටියා.

බලශක්තිය අමාත්‍යාංශය කුමන ක්‍රමය අනුගමනය කළ ද ඉන්ධන තොග නොමැතිනම් කිසිදු ක්‍රමයක් සාර්ථක නොවන බව ද නාඔටුන්න මහතා පවසා සිටියා.

අද (29) දින ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කරනු ලබන පිරවුම්හල් ලැයිස්තුව නිකුත් කර තිබෙනවා.

එම ඉන්ධන පිරවුම්හල් වලින් ඩීසල් මෙන්ම පෙට්‍රල් ද ලබාගත හැකි බවයි වාර්තා වන්නේ.

එම පිරවුම්හල් ලැයිස්තුව පහතින්,

මධ්‍යම පළාත

දකුණු පළාත

සබරගමු පළාත

ඌව පළාත

වයඹ පළාත





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: