hit counter

2024 මැයි මස 08 වන බදාදා

2023 අප්‍රේල් 07, ප.ව. 3:21



බණ කිව්වත් ත්‍රස්තවාදී වෙන්න පුළුවන් යැයි පූජ්‍ය ආචාර්‍ය ඕමල්පේ සෝභිත හිමියන් සඳහන් කළා.

පූජ්‍ය ආචාර්‍ය ඕමල්පේ සෝභිත හිමි ප්‍රවාහන වෘත්තිය සමිති සහ සාධාරණ සමාජයක් සංවිධානය අද පස්වරුවේ අධිකරණ අමාත්‍යවරයා හමුවී යෝජිත ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූවා.

එහිදී ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් මෙසේ අදහස් දක්වා සිටියා,

“ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව පවතින සියලුම බලාපොරොත්තු අපේක්ෂාවන් බිඳ වැටෙන ආකාරයට කණකොක් හඬක් මතුවෙනවා මේ ත්‍රස්ත විරෝධී පනත අධ්‍යයන කලහම පේනවා. අපි සමහරවිට බණක් කිව්වොත් එහෙම බණේ ඇතැම් කොටස් අරගෙන මේක බරපතල ත්‍රස්තවාදී ක්‍රියාවකට අනුබල දෙන්නක් හැටියට තීරණය කළොත් ඇතැම් විට අපි ඇත්ත වශයෙන්ම දේශපාලන ව්‍යුහය පවා විවේචනය කරනවා ඇතැම්විට. ඇතැම් විට ධර්ම දේශනාවලදී අපි ඒවා පවා ත්‍රස්තවාදී ක්‍රියා හැටියට නිර්ණය කරලා ඒවායේ බරපතලකමක් තියෙන ත්‍රස්තවාදයට සම්බන්ධ කමක් තියෙනවා කියලා ඒ පිළිබඳව තීරණය දෙන්න පුළුවන් පොලිස් නිලධාරීන්ට. මේක බරපතල ප්‍රශ්නයක්.”