hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 13, පෙ.ව. 6:34



දේශීය ඩොලර් විදේශීය රටවලට ගලා යෑම යම් මට්ටමකින් අවම කිරීම සඳහා දේශීය ලොකු ලූණු ගොවීන් මේ දිනවල දඹුල්ල ප්‍රදේශයේ ලොකු ලූණු වගාව ආරම්භ කොට තිබෙනවා.

මේ කන්නයේ දේශීය ලොකු ලූණු වගාව අතහැර දැමීමට තීරණය කළ බොහෝ ගොවීන් නැවත වරක් රට ගැන සිතා ලොකු ලූණු වගාවට අවතීර්ණ වූ බව දඹුල්ලේ ලොකු ලූණු ගොවීන් පවසයි.

ඒ අනුව මේ දිනවල දඹුල්ල, ඉබ්බන්කටුව, නවගස් හින්න, හබරත්තාවල, උළුකැට වැව, ආනකටාව, වෑවල වැව, සිගිරිය ආදී ප්‍රදේශ වල දේශීය ලොකු ලූණු වගාව නැවත ආරම්භ කළ බව ද ගොවීහු කියයි.

කෙසේවෙතත් විදේශ රට වලින් ලොකු ලූණු ගෙන්වීමේදී රට තුළ ඇති ඩොලර් විශාල වශයෙන් වෙනත් රටවලට ලබා දීම සිදු කරන නිසා වගාව ආරම්භ කළ දේශීය ලොකු ලූණු ගොවියාට අවශ්‍ය ඉන්ධන, කෘමි නාශක, වල් නාශක සහ පොහොර නොපමාව ලබා දීම කෘෂිකර්ම අමාත්‍යවරයා ඇතුළු රජයේ වගකීමක් බව දේශීය ලොකු ලූණු ගොවීහු පෙන්වා දෙනවා.

මේ දිනවල වැඩි මහන්සියක් දරමින් ඉන්ධන පිරවුම්හල්වල පෝලිමේ සිට ලබා ගන්න ඉතා සීමිත භූමිතෙල් සහ ඩීසල්වලින්  සි සෑම සිදු කරමින් වතුර මෝටර් සඳහා එම ඉන්ධන යොදවා ගෙන ලොකු ලූණු පැල මහ පොලොවේ සිටුවීම ආරම්භ කර ඇතැයි දේශීය ලොකු ලුණු ගොවියෝ වැඩිදුරටත් පෙන්වා දෙනවා.

වෙනදාට වඩා වැඩි වියදමක් දැරීමට සිදුවී තිබෙන නිසා තමන් රටේ ආහාර අර්බුදය මෙන්ම ඩොලර් අර්බුදය වෙනුවෙන් සිදු කරන සේවාව ඇගයීමකට ලක්කොට වහාම වගාව සඳහා යන වියදම අවම කර දෙන්නැයි ඔවුහු බලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

ලොකු ලූණු වගාව සඳහා යොදන වල්නාශක දිලීර නාශක සහ අනෙකුත් කෘෂි ද්‍රව්‍ය ඉතා සූක්ෂම ලෙස වෙනත් රටවලින් ගෙන්වා කෘෂි රසායන අලෙවි කරන සංවිධානාත්මක කණ්ඩායම් අධික මිල ගණන් යටතේ ගොවීන්ට අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවද වහාම රජය මැදිහත්විය කළු කඩ ව්‍යාපාරිකයන් සිදු කරගෙන යන මෙම ජාවාරම නවතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා ගොවි සංවිධාන වලට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමේ ක්‍රමවේදයක් සකසා දෙන ලෙසද  ඔවුහු අවධාරණය කරනවා.

මේ දිනවල දේශීය ලොකු ලූණු පැළ සිටුවීම ආරම්භ කොට ඇති අතර ලොකු ලූණු පැල සිටුවීම බිම සැකසීම සඳහා කම්කරු කුලිය ද විශාල වශයෙන් ඉහළ යන බවත් නිෂ්පාදන වියදම දැඩි ලෙස බලපාන අවස්ථාවක තමන් රට වෙනුවෙන් සිදුකරන මෙම සේවාව නොනවත්වා සිදුකරන බවද දේශීය ලොකු ලූණු ගොවීන් පවසනවා.

දේශීය ලොකු ලූණු වැඩි වශයෙන් වගා කරන දඹුල්ල වෑවල වැව සීගිරිය පලුටාව, කණ්ඩලම, ඇරෑවුල දිගම්පතහ ප්‍රදේශවල බහුතර ගොවීන් ලොකු ලූණු වගාවෙන් ඉවත් වෙද්දි දඹුල්ල ප්‍රදේශයේ තවත් ගොවීන් ඉතා සූක්ෂම ලෙස සංවිධානාත්මකව රට ගැන හිතා නැවත වගාව ආරම්භ කිරීම ගැන කඩිනමින් රජයේ අවධානය යොමු කොට එම පහසුකම් ලබා දෙන්නේ නම් වගාවෙන් ඉවත් වූ දේශීය ලොකු ලූණු ගොවීන් ද කඩිනමින් එක්වනු ඇති බවත් එසේ වූ විට මාස දෙක හමාරක පමණ කාලයක් ගත වෙද්දී ලොකු ලූණු ගෙන්වීම සඳහා වෙනත් රටවලට ඇදී යන ඩොලර් ලබා දීම නවතින බව දේශීය ලොකු ලූණු ගොවීන් රජයට වැඩිදුරටත් අවධාරණය කරනවා.