hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 03, පෙ.ව. 6:18



දරුවන් අන්තර්ජාලයෙන් අධ්‍යාපනය කටයුතු සිදුකිරීමේදී ‘ඉයර් ‍‍ෆෝන්‘ භාවිත කිරීම නිසා කනට හානි සිදුවන බව උගුර කන නායස පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය පැවැසුවා.

දරුවන් නිතර ඉයර් ෆෝන් කනේ ගසා සිටීම නිසා කලාඳුරු කන ඇතුළට තල්ලුවී යන අතර එම නිසා කන පැසවීම, පුස් හටගැනීම, කන් බෙරයට හානිවීම සිදුවිය හැකි බවද චන්ද්‍රා ජයසූරිය මහත්මිය සඳහන් කළා.

කනට එවැනි හානි සිදුවීම නිසා ශ්‍රවණාබාධ හටගන්නා බවද එ නිසා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බවද විශේෂඥ වෛද්‍යවරිය පැවැසුවා.

කනට යම් හානියක් සිදුවුව හොත් හෝ ඇසීමේ දුර්වලතා ඇත්නම් ප්‍රමාද නොවී වෛද්‍යවරයකු හමුවිය යුතු බවද චන්ද්‍රා ජයසූරිය මහත්මිය පැවැසුවා.