hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 12, ප.ව. 2:03



රටේ මේ වනවිට (12) පවතින ඖෂධ හා උපකරණ තත්වයන් පිළිබඳව සළකා බලා රෝහල්වල අත්‍යවශ්‍ය හා හදිසි ශල්‍යකර්ම කඩිනම් කිරීමට තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ ඒ අනුව නිසි ක්‍රමවේදයක් යටතේ හදිසි ශල්‍යකර්ම අවසන් කරන ලෙස රෝහල් ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී ඇති බවයි.

ඒ අනුව සාමාන්‍ය මට්ටමේ ශල්‍යකර්ම තරමක් ප්‍රමාදවීමට ඉඩ ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර ඇතැම් වෛද්‍යවරුන් ඖෂධ මාෆියාවට සම්බන්ධ බවට සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා චෝදනා කරනවා.

ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ මෙරටට ලැබී ඇති සියයට 80 ක ඖෂධ වසරක් යන තෙක් ලියාපදිංචි නොකිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් මෙන්ම එම වෛද්‍යවරුන්ද වගකිව යුතු බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.