hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 පෙබරවාරි 10, පෙ.ව. 6:36



ඉන්දුනිසියාවේ මහල් නිවසක අභිරහස් ලෙස මියගොස් සිටි ශ්‍රී ලාංකික කෝටිපතියකු වූ ධනිෂ සුබසිංහ මහතාගේ මරණය ගැන ඔහුගේ බිරිඳ වන රෝසා සිල්වා සහ ගෘහ සේවිකාව අත්අඩංගුවට ගැනීමට ජකර්තා පොලිසිය ඉන්ටර්පෝල් පොලිසියේ සහාය පතා තිබෙනවා.

මෙම දෙදෙනාම බ්‍රසීල කාන්තාවෝ වෙනවා.

ඔවුන් ජනවාරි 20 දා ජකාර්තාවලට පැමිණි අතර ජනවාරි 31 දා රටින් පිටව ගොස් තිබෙනවා.

ධනිෂ සුබසිංහගේ වත්කම ඩොලර් බිලියනයක් බවත් ඔහුට සමාගම් 32ක් අයත්ව තිබූ බවත් පොලිසිය සොයාගෙන තිබෙනවා.

ඔහුගේ මරණය ඝාතනයක් බව තහවුරු වී ඇතැයි වාර්තා වෙනවා.

ධනිෂ මැරී සිටි මහල් නිවසේ කාමරය ඇතුළින් වසා තිබූ බව ද හෙළි වී තිබෙනවා.

කලකට පෙර ධනිෂ මරදගහමුල පොහොර කම්හල ආරම්භ කර ඇති අතර ඊට ආයෝජනය කළ මුදල රුපියල් මිලියන 550ක්.

මේ අතර ධනිෂගේ බිරිය, දියණිය සහ ගෘහ සේවිකාව බ්‍රසීලයට පැමිණ නැතැයි බ්‍රසීල පොලිසිය ජකර්තා පොලිසියට දන්වා තිබෙනවා.