hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 21, පෙ.ව. 12:02



පවතින වර්ෂාවත් සමග පාචන රෝගය වැඩි වීමේ අවධානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා.

එම නිසා ඉදිරි දිනවලදී පවත්වන ලද බීම දන්සල්වලදී පිරිසිදු ජලය භාවිත කරන ලෙස එම සංගමයේ සභාපති උපුල් රෝහණ ඉල්ලීමක් කරයි.

වර්ෂාවත් සමග ජල මූලාශ්‍ර දූෂණය වීමේ අවධානම මීට හේතු වී තිබෙනවා.

කෙසේ වෙතත් වෙසක් පෝය දිනට පෙර දින දක්වාම සෑම දන්සලක්ම ලියාපදිංචි කිරීම් සිදු කරන බවද හෙතෙම සඳහන් කළා.

සභාපතිවරයා පෙන්වා දෙන්නේ වෙනත් වසරවල හා සැසඳීමේදී මෙවර දන්සල් ලියාපදිංචි කිරීමේ අඩුවක් දක්නට ලැබෙන බවය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: