hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මාර්තු 27, පෙ.ව. 9:50



මහවැලි සී කලාපයේ ගොවි ජනතාව මහ කන්නයේ නෙළා ගත් වී අස්වැන්නේ අග්‍රඵලය ශ්‍රී  දළදා වහන්සේ වෙත පූජා කිරීමේ අගසස් පූජා මංගල්‍ය ඊයේ (26) ක්‍රීඩා හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී  දළදා මාලිගා පරිශ්‍රයේදී සිදු වුණා.

පොහොර ගැටලුව හේතුවෙන් මහවැලි සී කලාපයේ ගොවි ජනතාවගේ අස්වනු හානියක් සිදුව නොමැති බවත් ඇතැම් ගොවීන් හෙක්ටයාරයකට වී කිලෝ 6000ක් පමණ ලබාගත් අවස්ථා වාර්තා වන බවත් ඉදිරි කන්නයේ වී මිල ඉහළ දැමීමට රජය බලාපොරොත්තු වූ බවද ඇමැති රණසිංහ මහතා පැවැසුවා.

අමාත්‍යවරයා අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහ නායක වරකාගොඩ ශ්‍රී  ඥානරතන නාහිමියෝ බැහැදැක අගසස් මංගල්‍ය උදෙසා ආශීර්වාද ලබාගත් අතර ශ්‍රී  දළදා මාලිගාවේ ආගමික වතාවත් අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ ශ්‍රී  උපාලි හා නියෝජ්‍ය ලේකඛාධිකාරි නාරම්පනාවේ ආනන්ද නාහිමිවරු මූලිකත්වයෙන් සිදුවූවා.