hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 මාර්තු 23, ප.ව. 1:16



උත්සව සමයේ පාරිභෝගිකයන්ට විශාල වශයෙන් පැමිණෙන මහරගම පමුණුව රෙදිපිළි වෙළෙඳපොළට මෙවර පාරිභෝගිකයන්ගේ පැමිණීම සියයට පනහකින් පමණ අඩු වී ඇති බව මහරගම පමුණුව රෙදි වෙළෙන්දෝ පැවසුවා.

නිමි ඇදුම්වල මිල ගණන් දෙගුණයකින් පමණ ඉහළ යාම සහ පාරිභෝගිකයන්ගේ ආර්ථික දුෂ්කරතාව ඊට හේතු වී ඇති බව ඔවුහු සදහන් කළා.

මේ හේතුවෙන් පමුණුව ප්‍රදේශයේ රෙදි වෙළදාම කළ සුළු පරිමාණ ව්‍යාපාරිකයින් වෙළදාම් නවතා වෙනත් රැකියා වෙත යොමු වී ඇති බවත් මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා අමතර සේවකයින් බඳවා ගැනීම නවතා ඇති බවත් ඔහු ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් අදහස් විමසීමේ දී වෙළෙඳ ව්‍යාපාරික චම්පිකා කුමාරි මහත්මිය මෙසේ ප්‍රකාශ කළේ වෙනදා අලුත් අවුරුදු ලංවෙද්දි පෙබරවාරි මාසේ සිට ම ඇඳුම් ගැනීමට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පාරිභෝගිකයින් පැමිණෙන බවයි.

මාර්තු මාසය වන විට පමුණුව ඔළු ගෙඩි වලින් පිරී යන බවත් පමුණ්ව මාර්ගයේ වාහනයකටවත් යාමට නොහැකි වන බවත් ඇය සඳහන් කළා.

එහෙත් මේ වන විට මුළු වීදිය ම පාළුවට ගොස් ඇතැයි ද ඇය කියා සිටියා.

වෙළෙඳ ව්‍යාපාරික නන්දන වීරකෝන් මහතා ප්‍රකාශ කළේ වෙනත් වසරවල අවුරුදු සමයේ රෙදි ගැනීමට තම වෙළෙඳ සැලට දිනකට පාරිභෝගිකයින් හැත්තෑවක් අසූවක් පමණ පැමිණියද මේ දිනවල පහලවකට විස්සකට වඩා නොපැමිණෙන බවයි.

ඒ හේතුවෙන් වෙනදා මහ රෑ වන තෙක්ම විවෘතව තිබූ වෙළෙඳ සැල් මේ වන විට දහවල් 12.00 පමණ වෙද්දී වසා දමන බවද ඔහු ප්‍රකාශ කළා.