hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 මාර්තු 15, පෙ.ව. 5:32



පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ඇමතිවරුන් සහ මන්ත්‍රිවරුන් වශයෙන් කටයුතු කරන වතුකරයේ දමිල දේශපාලඥයින් ඔහුන් එකිනෙකා විවේචනය නොකර ගනිමින් වතුකරයේ දේශපාලනය කිරිමට එකගතාවයකට පැමිණ තිබෙනවා.

එම ඇමතිවරුන් සහ මන්ත්‍රිවරුන් වතුකරයේ ප්‍රධාන වෘත්තිය සමිති පවත්වාගෙන යන අතර එම වෘත්තිය සමිති නායකයින් විසින් මෙතෙක් කල් ඔහුන් එකිනෙකා විවේචනය කර ගනිමින් ඔහුන්ගේ ජන්දය වැඩි කරගනිමින් දේශපාලන කටයුතු වල නිරත වුණා.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ඇමතිවරුන් සහ මන්ත්‍රිවරුන් ජනාධිපතිවරයාගේ සහ රජයේ ගුණ වර්ණනා කරමින් පාර්ලිමේන්තුව තුල කටයුතු කිරිමටත් වතුකරයේ විපක්ෂයේ මන්ත්‍රිවරුන් ජනාධිපතිවරයා සහ ආණ්ඩු පක්ෂය විවේචනය කරමින් පාර්ලිමේන්තුව තුල කටයුතු කිරිමටත් එකගතාවය පල කර තිබෙනවා.

මෙම ඇමතිවරුන් සහ මන්ත්‍රිවරුන් මේ දිනවල පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් වතුකරයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නියැලි සිටින අතර එම මැතිවරණ ප්‍රචාරක කටයුතු වල වතුකරය නියෝජනය කරන කිසිදු ඇමතිවරයෙකු හෝ මන්ත්‍රිවරයෙකු කිසිදු අවස්තාවක ඔහුන් එකිනෙකා විවේචනය නොකර ගනිමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නියැලෙය බව වතු කම්කරුවන් පැවසුවා.

මේ පිලිබදව කිසිවක් නොදත් වතුකරයේ ජන්ද දායකයින් වෙනදා මෙන් තම නායකයා ඉහලින් ඔසවා තැබීමට තවදුරටත් කටයුතු කරමින් වෘත්තිය සමිතිවල සාමාජිකත්වය දරන අතර මෙම එකගතාවය තුලින් වතුකරයේ දේශපාලනය කිරිමේදි වතුකරයේ ජනතාව වෙනුවෙන් වැඩි අයිතිවාසිකම් ලබා ගැනිම සදහා පාර්ලිමේන්තුව සහ පළාත් පාලන ආයතන නියෝජනය කරන දමිල මන්ත්‍රිවරුන්ගේ සංඛ්‍යාව මිට වඩා වැඩි කර ගැනිම එම දෙපාර්ශවයේම සැලසුම වි තිබෙනවා.