hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 04, පෙ.ව. 7:06



පාර්ලිමේන්තු සංකීර්ණය අවට මාර්ගවල අද (04) දැඩි ආරක්‍ෂාවක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසනවා.

අද පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වන මැති ඇමැතිවරුන් පැමිණෙන මාර්ගවල ගැවසෙන සැක සහිත පුද්ගලයන් පිළිබඳව අවධානයෙන් පසුවන බවයි පොලිසිය සඳහන් කළේ.

මහා මාර්ගවල පෙළපාලි යෑම තහනම් කර ඇති අතර නීති කඩන පුද්ගලයක්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව පොලිසිය අවධාරණය කරනවා.