hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූලි 16, පෙ.ව. 9:08



පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේ ආරක්ෂක අංශ විසින් දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි වාර්තා වනවා.

ශ්‍රී ලංකා යුද හමුදාව, පොලිස් පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිසියේ දහසකට ආසන්න පිරිසක් ඒ සඳහා යොදවා තිබෙනවා.

පාර්ලිමේන්තුවට පිවිසෙන ප්‍රධාන මාර්ගවල ආරක්ෂක මුර කපොලු ගණනාවක්ද පිහිටුවනු ලැබ පරීක්ෂා කිරීම්ද වැඩි කර ඇතැයි වාර්තා වනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වීම පාර්ලිමේන්තුව වෙත දැනුම් දීම සඳහා අද (16) පෙරවරු 10.00ට විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව මෙම විශේෂ පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගි වන ලෙසට සියලු ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබෙනවා.

ව්‍යවස්ථානුකූලව වැඩ බලන ජනාධිපතිවරයා ලෙසට නව ජනාධිපතිවරයෙකු පත් කරගන්නා තෙක් ඊයේ (15) අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේදී වැඩබලන ජනාධිපතිපතිවරයා ලෙසින් දිවුරුම් දුන්නා.

අද දිනයේ පාර්ලිමේන්තුවට නිල වශයෙන් 7 වන විධායක ජනාධිපතිවරයාගේ නිල ඉවත්වීම දැනුම් දීමෙන් අනතුරුව එළඹෙන 19 වන දින නව ජනාධිපතිවරයෙකු සඳහා නාම යෝජනා කැඳවීමට නියමිතයි.

පසුව ජූලි 20 වන දින 1981 අංක 02 දරන ජනාධිපතිවරයෙකු ධූරයෙන් ඉවත් වූ විට ව්‍යවස්ථානුකූලව ක්‍රියා කරන ක්‍රියාපටිපාටියට නව ජනාධිපතිවරයෙකුගේ අනුප්‍රාප්තිය ඉදිරි දෙවසර සඳහා හිමිවනු ඇති.

මේ වන විට නව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා තරග වැදීමට මේ වනවිට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඉදිරිපත් වන බව නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: