2022 මැයි 06, ප.ව. 3:22
කතානායකවරයා අද පාර්ලිමේන්තුවට නොපැමිණියහොත් කතානායකවරයා අඩස්සිය ඇතුලේ තියා ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද(06)පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
විශ්වාසභංගයට දිනයක් ලබා දෙන තුරු කතානායකවරයාට ගෙදර යාමට ඉඩ නොදෙන බව මන්ත්‍රීවරයා කියා සිටියා.
එසේ නොවුණහොත් ජනතාව පාර්ලිමේන්තුව ඇතුලට ගෙන එන බවට මන්ත්‍රීවරයා අවධාරණය කළා.
“අඩෝ ඇවිල්ලා කියනවකො මයික් එකට කියනවා. මෙන්න මුන්ගේ ෆොටෝ.මේ බලන්න මුන් කතාකරන හැටි. රටේ මිනිස්සුන්ට ගහනවා. කතානායතුමා ගෙන්වන්න.” යැයි හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා දැඩිව කියා සිටියා.
පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවයේ නිරතවන අරගල කරුවන්ට පොලිසිය විසින් අමානුෂික ලෙස පහර දෙමින් සිටින නිසා ඊට පියවරක් ගැනීමට කතානායක වරයා වහා මුලසුනට ගෙන්වන්නැයි කියමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් කලහාකාරී ලෙස හැසිරෙන්නට පටන් ගැනීම නිසා පාර්ලිමේන්තුව විනාඩි දහයකට නතර කිරීමට මුලසුනේ සිටි හේශා විතානගේ මහතා කටයුතු කළේය.
කතානායකවරයා කාමරයට වී සිට පලක් නැතැයි ද විශ්වාසභංගය ද වහාම විවාදයට ගත යුතුව ඇතැයි ද විපක්ෂයේ මන්ත්‍රීවරු කීහ.
2026 ජනවාරි 17, ප.ව. 1:05
2026 ජනවාරි 17, පෙ.ව. 9:27
2026 ජනවාරි 17, පෙ.ව. 12:37
2026 ජනවාරි 17, පෙ.ව. 12:31
2026 ජනවාරි 17, පෙ.ව. 12:18