hit counter

2025 මාර්තු මස 12 වන බදාදා

2022 ඔක්‍තෝබර් 18, පෙ.ව. 8:27



කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ ස්ථාන දහ නවයකින් රථ වාහන ගාල් කිරීමේ ගාස්තු අයකිරීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට තීරණය කළ බව කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය පවසනවා.

නීති විරෝධී ලෙස විවිධ පුද්ගලයන් මෙම ස්ථානවල ගාල් කරන රථවලින් ගාස්තු අය කරන බවට ලැබුණු පැමිණිලි අනුව මෙම තීරණය ගත් බවයි ඇය සදහන් කළේ.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන යථාවත් කරන තෙක් මෙම තීරණය ක්‍රියාත්මක වන බවද ජයවර්ධන මහත්මිය ප්‍රකාශ කළා.

මෙසේ රථ වාහන ගාල් කිරීමේ ගාස්තු අයකිරීම අත්හිටුවා තිබෙන්නේ ගාලු පාර ඩුප්ලිකේෂන් පාර හා වැල්ලවත්ත නගරය අවට සියලු මාර්ග, මැලේ වීදිය, ජාවත්ත පාර, දෙමටගොඩ සුපර් මාර්කට්, ලොන්ඩ්‍රි වත්ත, නවම් මාවත, ඩී.එන්. ෆොන්සේකා මාවත, බැස්ටියන් මාවත, මුත්තයියා පාරේ, අන්දිවල් මාවත, මැගසින් පාර, ආනන්ද විද්‍යාලය අසල ටෙම්පල් පාර, ජයන්ත වීරසේකර මාවත, පහළ චැතම් වීදිය, මොහොමඩ් ෂේන් මාවත, පළමු හරස් වීදිය, කිවු පාර, ඩෝසන් පාර, මූදලිගේ මාවත හා ක්‍රිස්ටි පෙරේරා මාවතයි.