2022 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 11:38
ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සියලු සිසුන් සඳහා මසකට පැය 13 ක අර්ධකාලීන රැකියා අවස්ථාවක් ලබා දීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය තීරණය කොට තිබෙනවා.
මෙරට විශ්ව විද්‍යාලයක ප්‍රථම වරට ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල යටතේ එක් සිසුවකු සේවය කරන පැයක කාලයක් සඳහා රුපියල් 350 ක ගෙවීමක් කිරීමට ද නියමිතයි.
එම විශ්වවිද්‍යාලයේ උපකුලපති එම්. ඩී. ළමා වංශ මහතා පවසන්නේ සරසවිය තුළ අනධ්‍යයන සේවා සැපයුම සහ අන්තර්ජාලය ඔස්සේ සිදුකරන දැනුම හුවමාරුව සඳහා සිසුන්ට මෙම අර්ථ කාලීන රැකියා පත්වීම ලබා දීමට නියමිත බවයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා මූලිකත්වය ගැන ක්‍රියා කොට තිබෙනවා.
මෙම නව වැඩපිළිවෙළ පිළිබඳ සිසුන්ගෙ විශාල උනන්දුවක් තිබෙන බවද වාර්තා වනවා.
මේ වන විටත් ඒ සඳහා සිසුන් 170 දෙනකු පමණ ඉල්ලුම් කර තිබෙන අතර ඔවුන්ට පත්වීම් ලිපි ප්‍රදානය ඔක්තෝබර් මස 01 වැනි දින සිදු සිදුකිරීමට නියමිතයි.
2025 ඔක්තෝබර් 29, පෙ.ව. 12:16
2025 ඔක්තෝබර් 29, පෙ.ව. 12:12
2025 ඔක්තෝබර් 29, පෙ.ව. 12:12
2025 ඔක්තෝබර් 29, පෙ.ව. 12:10
2025 ඔක්තෝබර් 29, පෙ.ව. 12:08
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25