hit counter

2024 මැයි මස 08 වන බදාදා

2022 ජූලි 19, පෙ.ව. 8:32



ජන අරගලයේ නිරත පිරිස්  “ජන අරගලයේ පුරවැසියෝ” නමින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ සඳහා ලියකියවිලි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට ඊයේ (18) බාරදී තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවට ගොස් එම ලියකියවිලි බාරදුන් බව අරගලකරුවන් සඳහා කළා.

ජන අරගලයේ පුරවැසියෝ පක්ෂයේ ලේකම් චානක බණ්ඩාර මහතා එහිදී පැවසුවේ ඇතැම් කල්ලි කණ්ඩායම් අරගලය අපයෝජනය කිරීමට උත්සහ දරුවත් ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් දිගටම පෙනී සිටින  බවයි.

කුමන අභියෝග පැමිණියත් රටේ සංවර්ධනය වෙනුවෙන් ජනතාවගේ දියුණුව වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම ඉටු කරන බවද හෙතෙම සඳහන් කළා.

මේ අතර ඇතැම් අරගලකරුවන් ජාතික කොඩිය අවභාවිතා කිරිම සහ පුරාවිද්‍යා ස්ථානවලට හානි කිරීම සම්බන්ධයෙන් පුරවැසි බලය සංවිධානයේ නියෝජිතයන් පිරිසක් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.