hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 මැයි 30, පෙ.ව. 10:23



විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමේදී සහ විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීමේදී අන්තර්ජාලය ඔස්සේ අයදුම් කළ හැකි බව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමේදී ප්‍රකාශ කර තිබෙනවා.

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීම එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස් වූ අවස්ථාවේ දී මේ බව සඳහන් වූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඊට සහභාගි වූ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ජුනි මස 01 වැනිදා සිට අදාළ වැඩසටහන ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව විදේශගත ශ්‍රී ලාංකිකයන්ට තම රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට පැමිණීමකින් තොරව අන්තර්ජාලය හරහා ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් කළ හැකි බව එම නිලධාරීන් පෙන්වා දී තිබෙනවා.