hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 27, ප.ව. 12:25



නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් කරන තුරු පුද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබුණු බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඔහුගේ නිල ට්විටර් ගිණුම ඔස්සේ මේ පිළිබඳ සටහනක් තබමින් හෙතෙම මේ බව ප්‍රකාශ කර තිබුණා.

ඒ අනුව හෙට සිට විදුලි කප්පාදුව දීර්ඝ නොකර විදුලි ජනනය පවත්වාගෙන යාමට අවශ්‍ය ඩීසල්, නැප්තා සහ උදුන් තෙල් අවශ්‍යතා ඛණිජ තෙල් සංස්ථාව විසින් විදුලි බල මණ්ඩලයට ලබාදීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

කෙසේ වුවද අද (27) උදෑසන දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රීය වී තිබුණා.

ඒ අනුව නොරොච්චෝලේ බලාගාරයේ 03 වන ජනන යන්ත්‍රය මෙලෙස අක්‍රීය වී ඇති බවටයි වාර්තා වුණේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: